අධ්‍යාපන ඇමති වහාම ඉල්ලා අස්වෙන්නයැයි බල කරමින් දැවැන්ත විරෝධයක්

Report

ඉන්දීය මධ්‍යම අධ්‍යාපන අමාත්‍යවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් ඉන්දියාවේ අලුතින්ම බිහිවූ කැරපොතු ජනතා පක්ෂය නමින් හැඳින්වෙන නවතම දේශපාලන බලවේගයේ තරුණ ක්‍රියාකාරීන් පිරිසක් එරට පොලිස් නිල නියෝග පවා සම්පූර්ණයෙන්ම නොතකමින් නවදිල්ලි අගනුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත සාමකාමී විරෝධතාවක් ආරම්භ කර ඇත.

නවදිල්ලි බලධාරීන් නිල වශයෙන් පවසන්නේ ඉකුත් සති අන්තයේ ආරම්භ වුණු මෙම දැවැන්ත විරෝධතාව සඳහා මේ වනවිටත් දහසකට වැඩි තරුණ තරුණියන් පිරිසක් ඉතාමත් උනන්දුවෙන් එක් රොක් වී සිටින බවය.

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

විශේෂ දැනුම්දීමක් මේ අය අනිවාර්යයෙන් ලියාපදිංචි වෙන්න - ජූලි 01 දා සිට දිවයින පුරා ක්‍රියාත්මකයි

ඉන්දියාවේ වෙසෙන බිලියන 1.4 ක් වන සමස්ත ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක්ම වයස අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන් වන අතර කැරපොතු ජනතා පක්ෂය යන නමින් හැඳින්වෙන මෙම දේශපාලන බලවේගයට බහුලවම සම්බන්ධ වී සිටින්නේ ද ජෙන්සී පරම්පරාවට අයත් එම ප්‍රබල තරුණ තරුණියන්ය.

රටේ රන්මිල යළි වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

රටේ රන්මිල යළි වෙනස් වෙයි - උඩ පහළ ගිය රත්තරන් වල අද මිල මෙන්න

එරට වත්මන් සමාජය තුළ පවතින උග්‍ර රැකියා හිඟය සහ සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගින් දිගටම සිදුවන විවිධ අකටයුතුකම් මෙන්ම ප්‍රධාන විභාග ප්‍රශ්න පත්‍ර කල්තියා කාන්දුවීම සහ විභාග ලකුණු ලබාදීමේදී සිදුවන බරපතළ අක්‍රමිකතා ආදී කරුණු රැසක් මුල්කොට ගනිමින් ඊට විරෝධය පාමින් වත්මන් අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් මහතාට සිය ධුරයෙන් වහාම ඉල්ලා අස්වෙන්නැයි විරෝධතාවට එක් වී සිටින කැරපොතු ජනතා පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන්ගේ ප්‍රධානතම ඉල්ලීම වී තිබේ.

මෙම කැරපොතු ජනතා පක්ෂයේ නිල ආරම්භය සිදුවූයේ පසුගිය මැයි 15 වැනිදා ඉන්දීය අගවිනිසුරු සූර්ය කාන්ත් මහතා විසින් ප්‍රසිද්ධියේ කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මුල්කොට ගනිමිනි.

හරිහමන් වෘත්තීය සුදුසුකමක් නැති තරුණ තරුණියන් මාධ්‍යකරුවන් සහ සමාජ ක්‍රියාකාරීන් විදියට හැසිරෙමින් සමාජ ක්‍රියාකාරීන් විදියට ඔවුන් හැම ක්ෂේත්‍රයකටම දැඩි ලෙස පහර දෙන බවත් ඔවුන් පරපෝෂිතයන් මෙන්ම කැරපොත්තන් වැනි සමාජයට හරිම වදයක් දෙන පිරිසක් බවත් අගවිනිසුරුවරයා එලෙස කළ ප්‍රකාශයේ අන්තර්ගත විය.

එම ප්‍රකාශය සමස්ත ඉන්දීය ජෙන් සී තරුණ ප්‍රජාවේ දැඩි සිත් රිදවීම්වලට සහ ප්‍රබල විරෝධයට සෘජුවම හේතු වූ අතර ඇමෙරිකාවේ උසස් අධ්‍යාපනය ලබන දක්ෂ ඉන්දීය තරුණයකු වන අභිජීත් දිප්කේ නමැති තරුණයාගේ මූලික මැදිහත් වීමෙන් මෙම කැරපොතු ජනතා පක්ෂය නිල වශයෙන් නිර්මාණය විය.

දේශපාලන සන්නිවේදන උපායමාර්ගිකයෙකු ලෙස කටයුතු කරන මෙම අභිජීත් දිප්කේ වටා සමස්ත ඉන්දීය තරුණ ප්‍රජාව අන්තර්ජාලය ඔස්සේ ඉතාමත් වේගයෙන් එක් රොක්වුණු අතර එය රටේ පවතින පාලන ක්‍රමවේදයට පවා තර්ජනයක් විය හැකි ප්‍රබල දේශපාලන බලවේගයක් බවට අද වන විට සාර්ථකව පරිවර්තනය වී අවසන් යැයි ඉන්දීය ප්‍රධාන මාධ්‍ය ආයතන විශේෂයෙන්ම පෙන්වා දෙයි.