කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට දැවැන්ත සත්‍යග්‍රහයක්

Report

තමන් වසර ගණනාවක සිට ජීවිකාව ලෙස කරගෙන යනු ලබන සාම්ප්‍රදායික ධීවර කර්මාන්තය අඛණ්ඩව කරගෙන යාමට අදාළව වත්මන් රජය හෝ වගකිවයුතු බලධාරීන් විසින් මේ දක්වා කිසිදු නිසි වැඩපිළිවෙළක් හෝ ස්ථීර සාධනීය තීරණයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමට විරෝධය පාමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි මාදැල් ධීවරයින් පිරිසක් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දින සිට දැවැන්ත සාමකාමී සත්‍යග්‍රහ ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

දරුණු ගෑස් පිපිරීමක් - පුද්ගලයින් 54කට තුවාල සහ 18ක් අතුරුදන්

දරුණු ගෑස් පිපිරීමක් - පුද්ගලයින් 54කට තුවාල සහ 18ක් අතුරුදන්

අද සහ හෙට යන දෙදින පුරාම තමන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම ස්ථානයේම අඛණ්ඩව රැඳී සිටිමින් සත්‍යග්‍රහයේ නිරත වන බවත් එළැඹෙන බදාදා දිනයේදී වගකිවයුතු රාජ්‍ය නිලධාරීන් මැදිහත් වී තමන් මුහුණ දී සිටින මෙම බරපතළ වෘත්තීය ගැටලුව සඳහා සාධාරණ ස්ථීර විසඳුමක් ලබා දෙනු ඇතැයි සමස්ත ලංකා මාදැල් සංගමය දැඩිව අපේක්ෂා කරන බවත් එහි ප්‍රධාන ලේකම් ආර් ඒ ඩිල්රුක් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

බෞද්ධයන්ට විශේෂ නිවේදනයක් - පොසොන් සතිය ප්‍රකාශයට - රාජ්‍ය ආයතන මගින් විශේෂ වැඩපිළිවෙළක්

බෞද්ධයන්ට විශේෂ නිවේදනයක් - පොසොන් සතිය ප්‍රකාශයට - රාජ්‍ය ආයතන මගින් විශේෂ වැඩපිළිවෙළක්