විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන්ට රජයෙන් ශිෂ්‍යත්ව - මෙන්න විස්තරේ

Report

ඊයේ (21) හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචි විගමනික ශ්‍රමිකයින්ගේ පාසල් අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය ලබන දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහත්මාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දකුණු පළාත් විගමනික සම්පත් මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

පියුමි හංසමාලි ඩඩ්ලි සිරිසේන හැමෝම එකම සාදයේ - රටම හොල්ලපු රාජකීය සාදයේ අමුත්තෝ මෙන්න

පියුමි හංසමාලි ඩඩ්ලි සිරිසේන හැමෝම එකම සාදයේ - රටම හොල්ලපු රාජකීය සාදයේ අමුත්තෝ මෙන්න

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ, කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු විය. මෙවර ශිෂ්‍යත්වලාභීන් 43 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.18ක මුළු වටිනාකමකින් යුත් ශිෂ්‍යත්ව ප්‍රදානය කළේය.

බෞද්ධයන්ට විශේෂ නිවේදනයක් - පොසොන් සතිය ප්‍රකාශයට - රාජ්‍ය ආයතන මගින් විශේෂ වැඩපිළිවෙළක්

බෞද්ධයන්ට විශේෂ නිවේදනයක් - පොසොන් සතිය ප්‍රකාශයට - රාජ්‍ය ආයතන මගින් විශේෂ වැඩපිළිවෙළක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන් 28 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 700,000ක ශිෂ්‍යත්ව ප්‍රදානය විය. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුන් 12 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 30,000 බැගින් රුපියල් 360,000ක ශිෂ්‍යත්ව ලබාදුන් අතර, අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්ව වැඩිදුර අධ්‍යාපනය හදාරන සිසුන් තිදෙනෙකුට එක් අයෙකුට රුපියල් 40,000 බැගින් රුපියල් 120,000ක ශිෂ්‍යත්ව පිරිනැමුවා. විදෙස්ගත ශ්‍රමිකයන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සහ ඔවුන්ගේ අනාගතය ශක්තිමත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.