ඔබත් බස්නාහිර පළාතේ කාවකාලිකව පදිංචි අයෙක්ද?...එසේනම් මෙන්න ඔබට සිදුකිරිමට යනදේ...
Police
Western Province
Gagana news
By Subodha
බස්නාහිර පලාතේ ග්‍රාම සේවා වසම්වල කාවකාලික පදිංචිකරුවන්ගේ තොරතුරු ලබා ගැනිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට සුදානම් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යයාලය සදහන් කළා.
දැනට තෝරාගත් ග්‍රාම සේවා වසම් 123ක කාවකාලික පදිංචිකරුවන් 11188 දෙනෙකුගේ තොරතුරු ලබාගැනිමට කටයුතු කළ බව එම කාර්යයාලය සදහන් කළා.
එහිදි විවිධ ප්‍රදේශවල සිට බස්නාහිර පළාතට පැමිණි තාවකාලික පදිංචිකරුවන් අතරින් 20 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවලට අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බවට තොරතුරු අනාවර්ණය වි ඇති බව සදහන් වේ.
පළාතේ අනෙකුත් ග්‍රාම සේවා වසම්වල ද මෙම තොරතුරු ලබා ගැනිමේ වැඩසටහන ක්‍රියාක්මක කිරිමට නියමිත බව එම කාර්යයාලය සදහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |