අඩුපිඩන කලාපයක බලපෑම් දිවයිනට...ප්‍රදේශ රැසකට වැසි හා මුහුද රළුවිම්...

Weather Meteorological Department Gagana news
By Subodha Mar 03, 2022 03:53 AM GMT
Subodha

Subodha

Report

නිරිත දිග හා ගිණිකොණ දිග බෙංගාල බොක්ක ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් ශ්‍රී ලංකාවේ නැගෙනගිර වෙරළ ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙහි බලපෑමෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර නැගෙනහිර, උතුරුමැද හා ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර100 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර දිස්‍ත්‍රික්කවලත් මිලිමීටර 50 ට වැඩි වැසි ඇතිවන බව ඔහු සඳහන් කළේය.

උතුරු, උතුරුමැද, නැගෙනහිර, වයඹ සහ ඌව පළාත්වලත්, මධ්‍ය කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද සුළං ඇතිවන අතර කන්කසන්තුරය, ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශද රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් වර්ෂාව සම්බන්ධ පුරෝකතනයත් සමඟ අස්වනු නෙලීම සඳහා අනිසි කලබලයකට පත්වීමේ අවශ්‍යතාවක් නො මැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now