සරාගී චුලක්ෂි ඔබ නොදත් දේ ගැන කතා බහක්..."මම ඉන්නේ වතුර වගේ"...! (PHOTOS)
ජනප්‍රිය රංගන ශිල්පිනී චුලක්ෂි රණතුංග 2014 වසරේ මිස් ශ්‍රී ලංකා කිරුළ සහ 2017 වසරේ දී ලොව හොඳම නිරූපිකාව කිරුළ දිනා ගත් චුලක්ෂි රණතුංග පසුව ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටය හරහා සිනමාවට එක්වුණේ නිරූපණයට පමණක් නොව රූපණයටත් තමා තුළ නිසඟ හැකියාවන් ඇති බව පෙන්නුම් කරමින්.
චුලක්ෂි රංගනයෙන් දායක වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ගිනිමල් පොකුරු චිත්‍රපටයත් මේ දිනවල තිරගත වනවා.
ඒ නිසාම රසඳුන කතාබහකට චුලක්ෂිව සම්බන්ධ කර ගත්තා.
මේ දවස්වල මොකද කරන්නේ
ප්‍රියන්ත කොළඹගේ මහතාගේ මන්දාරා චිත්‍රපටයේ ඩබින් කරගෙන යනවා.
මන්දාරා කියන්නේ මගේ සිනමා රංගනය තවත් අලුත් කරන සිනමා නිර්මාණයක් වෙයි.
ඒ එක්කම තව ඉදිරියේදී රූපගත කිරීම් ආරම්භ කරන්න නියමිත සිනමාපටයක චරිතය වෙනුවෙන් පෙර සූදානම් කටයුතු කරගෙන ඉන්නවා.
ඉදිරියේදී තිරගත වීමට නියමිත චිත්‍රපට මොනවද?
ජයන්ත චන්ද්‍රසිරිගේ මිදුණු විශ්වය, ප්‍රසන්න ජයකොඩි මහතා කොරෝනා කාලේ ආලේ, සනත් අබේසේකරගේ ගුත්තිල, ප්‍රියන්ත කොළඹගේ මන්දාරා, මොහාන් නියාස් අධ්‍යක්ෂණය කරන ශ්‍රී වික්‍රම, උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා.
මේ දිනවලත් ඔබ රඟපෑ "ගිනිමල් පොකුරු" තිරගත වෙනවා, මෙහි ඔබේ භූමිකාව මතක් කළොත්
මේක මම ගත්ත විශාල අභියෝගයක්.
මේ වෙද්දී මම චිත්‍රපට ගණනාවක රඟපාලා තියෙනවා.
නමුත් මේ ක්ෂේත්රයේ ප්‍රවීණයන් අතර මම තවම ආධුනික තැනක ඉන්නේ.
එතකොට මට අවශ්‍ය වෙන්නේ චරිතාංග නිළියක් විදියට මේ ක්ෂේත්රය තුළ රැඳෙන්න.
නැත්නම් හැමදාම දකින විදියට චුලක්ෂි කියන්නේ ලංකාව නියෝජනය කරන්න ගිය මිස් ශ්‍රී ලංකා කෙනෙක් කියලා කියන ලේබලය අලවා ගන්න ඕනේ නැහැ.
ඒ ගමනේ එක් චරිතයක් තමයි ‘ගිනිමල් පොකුරු’ හි පියුමි කියන්නේ.
ඒක සත්‍ය සිදුවීම් මාලාවක් එක්ක තමයි උදයකාන්ත මහතා අධ්‍යක්ෂණය කළේ.
ඒ නිසා මම බාර ගත්තේ මගේ සිනමා ජීවිතය තුළ ලැබුණු ලොකු අභියෝගයක්.
මට හැමදාම ඕනේ විවිධත්වයෙන් යුතු චරිත කරන්න.
චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?
ලැබෙන හැම නිර්මාණයක්ම මම බාරගන්නෙ නැහැ.
බොහෝ නිර්මාණවලට මට ආරාධනා නම් ලැබුණා.
තෝරා බේරාගැනීමේදී චරිතය ලොකුද පොඩිද කියන දේ මට වැදගත් වෙන්නෙ නැහැ.
ඒ තුළ මට දෙයක් රූපණය කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ තෝරා ගැනීම වෙන්නේ.
ඒකාකාරී චරිතවලට මම කැමැති නැහැ.
රඟපාන්න කැමති විශේෂ චරිත තියෙනවද?
හැමදාම පෙම්වතිය වෙන්නවත් රූමත්ම කාන්තාව වෙන්නවත් මට ඕනේ නැහැ.
කවුරු හරි කියනවා නම් චුලක්ෂි කියන්නේ රූ රැජිනක්, නිරූපිකාවක් විතරයි කියලා.
මම කැමැති ඒ දෙයින් බැහැරව ඕනෙම චරිතයක් කරන්න.
මම අභියෝග බාර ගන්න කැමැතියි.
ඒ කියන්නේ කැමැති හොඳම නිළිය වෙන්න
අනිවාර්යෙන්ම.
මට ජනප්‍රියම නිළිය වෙන්න ඕනේ නැහැ.
ජනප්‍රියත්වය අවශ්‍යයි අපේ ගමන ඉස්සරහට අරගෙන යන්න.
ඒත් මගේ ඉලක්කය වෙන්නේ කවදා හරි මාව හොඳම නිළියක් විදියට පිළිගන්න තැනට එන එක.
ඒකත් මම දකින්නේ සම්මානයකට සිමා වෙන්න නෙවෙයි.
චරිතාංග නිළියක් විදියට මගේ රූපණය ගැන බහුතරයක් දෙනා කතා කරනවා නම් ඒක තමා මගේ සාර්ථකත්වය.
මම හිතන්නේ දක්ෂතාව මත ජනප්‍රිය විය යුතුයි කියලා.
බාහිර ස්වරූපයට ලැබෙන ජනප්‍රියත්වය තාවකාලිකයි.
රූපණය ගැන හැදෑරීමක් කරනවද?
රූපණය කියන්නේ පුළුල් විෂයයක්.
මම තවම මේ රූපණය විෂය ඉගෙන ගන්නවා.
කෞශල්‍යා පුනාන්දු, ජයන්ත චන්ද්‍රසිරි සහ මහේන්ද්‍ර පෙරේරා යන අයගෙන් රූපණ විෂය මම හදාරල තියෙනවා.
නමුත් මට තව බොහෝ දේවල් ඉගෙනගන්න තියෙනවා.
සිනමාවේ මේ වෙද්දී චුලක්ෂිට ලැබෙන ආරාධනා ගැන තෘප්තිමත්ද?
මම කරපු නිර්මාණ සියල්ල ගැන මට තෘප්තියක් තියෙනවා.
නමුත් ලැබෙන ආරාධනා ගැන තෘප්තිය ගැන අපේ රටේ මේ මොහොතේ පවතින සිනමා කර්මාන්තයේ තත්ත්වය එක්ක නැහැ කියන්න බැහැ.
මම ඉන්නේ වතුර වගේ.
විවිධ භාජනවලට මාව දැම්මම ඒ හැඩය මගෙන් ලබා ගන්න පුළුවන් රංගන ශිල්පිනියක්.
මම කැමතියි චරිතයක් වෙනුවෙන් මගේ ශරීරයේ හැඩය පවා වෙනස් කර ගන්න.
ඒ නිසා මම කැමතියි තවදුරටත් විවිධ වූ හැඩයේ චරිත මට ලැබෙනවට.
මොකද මම මේ ගමන යන්නේ ලොකු ගෝල් එකක් එක්ක.
විවාහ වෙන්න වයසත් හරි නේද,
මම වයස දකින්නේ ඉලක්කමක් විදියට විතරයි.
වයස යනවා කියලා හිතලා නම් මම කවදාවත් බඳින්නේ නැහැ.
කිසිම දෙයකට හදිස්සියක් නැහැ.
හරි කෙනා හරි වෙලාවට ලැබෙයි කියලා හිතනවා.
අනාගත බලාපොරොත්තු මොනවද?
මුලින්ම කිව්වා වගේ බාරගන්නා චරිත තුළින්, රූපණය තුළින් චරිතාංග නිළියක් ලෙසින් සාර්ථක ගමනක් යන්න කැමැත්තෙන් ඉන්නවා.
ඒ වගේම මේ කාලයේ නම් රූපණයට අමතරව ව්‍යපාරික පැත්තට වැඩි කාලයක් යොදවන්න හිතුවා.
ඒ දේවල් තමා අනාගතය ගැන හිතලා කරන්නේ
උපුටා ගැනිම - සිළුමිණ
ජනප්‍රිය නළු නිළියන්, ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |