ලංකාවේ වෛද්‍යවරු රට පටවන මාෆියාවට ඇමති නලින්ද අතගහයි

Ministry of Health Sri Lanka Doctors Nalinda Jayatissa Sinhala news
By Mithu May 29, 2025 05:47 AM GMT
Mithu

Mithu

Report

මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බැවින් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන් ම ජාත්‍යන්තරයට වෘත්තියන් ගෙන යාමේ වගකීම ද ශ්‍රී ලංකා රජය සතු වන බැවින්, රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයින් රටතුළ බිහිකර ගන්නා අතරම විදේශයන් සඳහා ද, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් යැවීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුයේ, පරිපූරක අතුරු වෛද්‍ය කර්මයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සඳහා උපාධිධාරීන් 85 දෙනෙක් සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

වැදූ මව සහ බාප්පා එක්ව අවුරුදු 3 මල් කැකුලට කළ අපරාධය

මෙහි දී විකිරණ ශිල්පි තනතුර සදහා 74 දෙනෙක් සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස 85 දෙනෙකු බඳවා ගන්නා ලද අතර ඔවුන් හට මාස හයක පුහුණු පාඨමාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල ලබා දීමට නියමිත ය. මෙම බඳවා ගැනීම් තුළ විශේෂත්වය වනුයේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සඳහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීම ය.

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

ReeCha