ලංකාවේ කොල්ලෙක් එංගලන්ත ධාවන පථයට

By Mithu Aug 05, 2025 03:30 AM GMT
Report

යුරෝ ෆෝමියුලා ධාවන පථයේ දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක යෙවාන් ඩේවිඩ් පසුගියදා තවත් සුවිශේෂී අවස්ථාවක් හිමිකර ගත්තේය.

ඒ අනුව ඔහුට එංගලන්තයේ පැවැත්වෙන තනි ආසන කාණ්ඩයේ මෝටර් රථ තරගාවලි අතර ප්‍රමුඛතම තරගාවලිය වන 'GB3' තරගාවලිය සඳහා සහභාගිවීමට ප්‍රථම වරට අවස්ථාව ලැබීය.

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

මාලිමාවේ මන්ත්‍රීවරු 159කගේ මාසික වැටුප ලක්ෂ 477ක් පැලවත්තේ ගිණුමට රජයට ආදායම් බදු නෑ

එහිදී 'එක්සෙල් මොටෝස්පෝර්ට්' කණ්ඩායම සඳහා ආදේශක ක්‍රීඩකයකු ලෙසින් එක් වූ යෙවාන් සිල්වස්ටෝන් හි පැවැති 'GB3' තරගාවලියේ 5වැනි අදියර සඳහා තරග කරමින් ක්‍රීඩකයන් 24 දෙනකුගෙන් යුත් තරගාවලියේ පළමු තරගයේදී 17වැනි ස්ථානය හිමිකර ගත්තේය.

අනතුරුව පෙරේදා (3 වැනිදා) දෙවැනි තරගයේදී 10වැනි ස්ථානය දිනාගත් අතර තෙවැනි තරගයේදී 19 වැනියා ලෙසින් තරගය නිමා කළේය.

යෙවාන් සහභාගි වන යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේ මීළඟ අදියර හෙවත් 6වනි අදියර එළැඹෙන සැප්තැම්බර් මස 6 සහ 7 දිනවල ඔස්ට්‍රියාවේදී පැවැත්වීමට නියමිතය. යෙවාන් මේ වන විට තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවැනි ස්ථානයේ රැඳී සිටියි.

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට

ප්‍රධාන මාර්ගයේ ඉන්ධන කාන්දුවීමක් යතුරු පැදි රැසක් අනතුරට