මෙරට තරුණයින් විශාල පිරිසකට ලැබෙන සුපිරි අවස්ථාවක්...තවත් සති 02කින් උදාවෙයි..

Japan Sri Lanka Youthful Spacial jobs
By Aruna Sep 15, 2021 09:12 AM GMT
Aruna

Aruna

Report

මෙරට තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළවල රැකියා අවස්ථා ලබාදීමට ජපාන රජය එකඟ වී තිබෙනවා.

ඒ සදහා වෙන අවබෝධතා ගිවිසුම ඉදිරි දෙසතිය තුළ අත්සන් කිරීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිත් ගුණසේකර ප්‍රකාශ කළා.

මෙම රැකියා අවස්ථා සදහා තෝරා ගනු ලබන තරුණ පිරිසට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව අවශ්‍ය භාෂා පුහුණුව ඇතුළු තාක්ෂණික පුහුණුවීම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

මේ අතර ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර සුහද හමුවක් ඊයේ (14) පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඉතාලියේ බොලොඤ්ඤා හිදී මෙම හමුව පැවැත්වූ බවය.

අගමැතිවරයා ඉතාලියට පැමිණි අවස්ථාවේදී පිරිසක් කළුකොඩි එසවීමේ සිද්ධිය ගැන සඳහන් කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහන් කළේ එම ක්‍රියාව NGO සල්ලි බලයට කරන ක්‍රියාවක් බවය.

එහිදී අගමැතිවරයා සඳහන් කළේ, "නෑ..මට ඉතින් ඕක පුරුදුයි. එච්චර ගාණක් නෑ," යනුවෙනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha