ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පකිස්ථානය පරදා ඓතිහාසික T20I තරඟාවලියේ ජයක්

Report

වසර 11 කට පසුව පළමු වරට පාකිස්ථාන (කාන්තා) කණ්ඩා‍යමට එරෙහිව විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහනයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා (කාන්තා) කණ්ඩා‍යම සමත් වී ඇත. එලෙසින් 1 තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජයග්‍රහනය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත.

දඹුල්ලේදී ප්‍රථමෙයෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කාන්තා කණ්ඩා‍යම කඩුලු 5 ක් දැවී නියමිත පන්දුවාර 20 තුල ලකුනු 175ක් රැස් කර ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අනර්ඝ පන්දුයැවීමක නිරතවූ 17 හැවරදි චමෝදී ප්‍රබෝධා කඩුලු 2ක් බිඳ හෙලුවා

  • 4 Overs
  • 27 Runs
  • 2 Wickets
  • Economy : 6.8

ඉන්පසු චමරි අතපත්තු, සන්ජනා කාවින්දි සහා ශ්‍රී ලංකා (කාන්තා) කණ්ඩා‍යමේ පිතිකරණ දක්ෂතා සමගින් ඔවුන් නියමිත ඉලක්කය පන්දුවාර 17.4 ක් තුල පහසුවෙන් හඹායාමට සමත්වුනා.

🟦 CHAMARI ATHAPATHTHU

  • 40 Runs
  • 15 Balls
  • 5 Fours
  • 3 Sixes
  • SR : 266.67

🟦 SANJANA KAVINDI

  • 47 Runs
  • 24 Balls
  • 6 Fours
  • 2 Sixes
  • SR : 191.67

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා විස්සයි 20 ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පාකිස්ථානයට එරෙහිව මව්බිමේදී වාර්තාගත ජයග්‍රහනයක් ලබාගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩා‍යමට හැකියාව ලැබුනා.