ශ්‍රී ලංකාවේ භූකම්පන අවධානම ඉහළ යයි..මෙන්න අලුතෙන්ම කරන්න යන වැඩේ.

Sri Lanka Weather Earthquakes Malinda Amaraweera
By Aruna Sep 16, 2021 03:50 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව භූමි කම්පාවක් සිදුවිය හැකි අවදානම් කලාපයේ පිහිටා නොමැති නමුත් ඉන්දුනීසියාව අවට සිදුවන භූ කම්පන හේතුවෙන් සුනාමි තත්ත්වයන්ට ගොදුරුවීමේ ඉඩකඩක් පවතින බව ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන පවසන්නීය.

එහෙත් සුනාමි තත්ත්වයකට මුහුණදීමට වර්තමානයේ සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ඇය සඳහන් කළාය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණී තල්දෙන මහත්මිය මේ බව කියා සිටියාය.

“ලංකවේ දැනට ස්ථාවර භූ කම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය 4ක් තිබෙනවා. මහන්දරාව, හක්මන, පල්ලේකැළේ සහ බුද්ධංගල දැනට බටහිර පැත්තේ තමයි භූ කම්පන මධ්‍යස්ථානයක අඩුවක් පවතින්නේ.

අපි දැනටම ඒ ප්‍රදේශයේ මධ්‍යස්ථානයක් සවිකරන්න වීන රජය සමග සාකච්ඡා පවත්වමින් යනවා.

ඒ වාගේම ප්‍රධාන භූමිකම්පාවක් එන කතාවක් කිව්වොත් අපේ භූ විද්‍යාත්මක පිහිටිම අනුව විද්‍යාඥයින් කරල ඇති අධ්‍යයනවලට අනුවත් පැහැදිලි වෙන්නේ මේ ප්‍රදේශයේ විනාශකාරී ලොකු භූමිකම්පාවක් වෙනවා කියලා කොහෙවත් අනාවැකි කියලා නැහැ.

භූමිකම්පා සම්බන්ධයෙන් ගතහොත් අනාවැකි කිමේ හැකියාවක් නැහැ.

එතකොට දැන් ලංකාව අවට ප්‍රදේශ ගතහොත් අධ්‍යයන කටයුතුවලින් පෙනෙන්නට ඇත්තේ එම විනාශකාරී භූමිකම්පාවක් වීමේ ඉඩකඩ ගොඩක් අඩුයි.

නමුත් අපේ ලංකාවට භූමිකම්පා සම්බන්ධයෙන් බලපෑමක් විදිහට ගතහොත් ජාවා, සූමාත්‍ර ප්‍රදේශයේ ඇතිවන ලොකු භූමිකම්පා හින්දා ඇතිවන සූනාමි තත්ත්වයන්.

යම්කිසි සුනාමි තත්ත්වයක් ආවත් අපිට 2004ට වඩා සාර්ථක ලෙස මුහුණදීමේ හැකියාව අපිට තියෙනවා.“

මේ අතර මෙරට පස්වන භූ කම්පන මැනීමේ මධ්‍යස්ථානය බස්නාහිර පළාතේ පිහිටුවීමට පියවර ගන්නා බව බලධාරීන් පැවසීය.

විශාල මුදලක් මේ සඳහා වැය කරන අතර දැනටමත් ඒ සඳහා අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha