ශ්‍රී ලංකාවේ ඉදිරි පැය 24 ගැන අනාවැකියක්.

Sri Lanka Weather Colombo Galle Western province Mathara Rathnapura
By Aruna Dec 09, 2021 03:27 AM GMT
Aruna

Aruna

Report

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද උදෑසන නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වන්නේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද එහි සඳහන් ය.

කාලගුණ බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු නිසා සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now