කොදෙව්වන්ගෙන් ලංකාවට ලැබුණු ඉලක්කය
By Sithumi
2023 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ සුපිරි හය දෙනාගේ අවසන් තරගය සඳහා ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මේ වන විට තරඟ වැදෙනවා.
පළමුව පන්දුවට පහර දුන් කොදෙවුවන් පන්දුවාර 48.1ක දී සියලු දෙනා දැවී ලකුණු 243ක් ලබා ගැනීමට සමත් විය.
කොදෙව් ඉනිම වෙනුවෙන් කීසි කාති ලකුණු 87ක් ලබා ගත්තේ ය.
පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ විසින් කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය.