ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..! අද තරගයට සිදුවූ දේ මෙන්න..

Report

සුපිරි 12 දෙනාගේ වටයට තේරීම සඳහා පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයේ UAE කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව ලකුණු 152ක් රැස්කරගැනීමට සමත්විය.

ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තබමනි අගනා ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක වේගවත් ලකුණු 74ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල UAE කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුයේ  ලකුණු 73 පමණි.

එහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ලකුණු 15කට කඩුලු 3ක් ලබා ගත්තේ සිය 20යි 20 පිටියේ 50 වැනි කඩුල්ල ද වාර්තා කරමින්.

එමීර් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකුට ලකුණු 20 සීමාව වත් ඉක්මවා යෑමට නො හැකි වුණේ, ඉතා ම අවාසනාවන්ත ලෙසින්. 

 ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 8කට කඩුළු 3ක් ද දවා ගත්තා.

තරගයේ වීරයා පැතුම් නිස්සංක.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now