දෙවන 20-20 තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

By Sithumi Sep 12, 2021 01:16 PM GMT
Sithumi

Sithumi

Report

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා. ඒ අනුව ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී මෙම තරගය පැවැත්වෙන අතර තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තියා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය ජය ගැනීම අනිවාර්ය වනවා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගයේ ජය දකුණු අප්‍රිකානු කණ්ඩායම හිමිකර ගත්තේ ලකුණු 28කින්. අද තරගයේ දී ප්‍රවීන් ජයවික්‍රම ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20-20 වරම් හිමිකර ගත්තා.

පළමු තරගය ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සහ අකිල ධනංජය අද තරගයට එක් නොවන අතර ඒ වෙනුවට කුසල් ජනිත් පෙරේරා සහ ප්‍රවීන් ජයවික්‍රම අද තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වනවා.

අද තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha