දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා T20 තරඟය සජීවිව මෙතනින් නරඹන්න (LIVE VIDEO)

sri lanka south africa T20 match live video
By Sewvandhi Sep 10, 2021 01:43 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. තරගාවලියට තරග 3 ක් ඇතුළත්. ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද රාත්‍රී 7 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

එක්දින තරගාවලියට එක් නොවූ කුසල් ජනිත් පෙරේරා බොහෝ විට අද තරගයේදී ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු ලෙස එක්වනු ඇති. 3 වන එක්දින තරගයේදී ඉවත් කළ භානුක රාජපක්‍ෂටද අද තරගයේදී යළි අවස්ථාවක් හිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.

අවසන් ජයග්‍රාහී එක්දින තරගයට එක් වූ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය මෙම තරගයටද එක්වීමට නියමිත අතර එසේ වුවහොත් මහේෂ් තීක්‍ෂණ අද පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගනු ඇති.

එක්දින තරගාවලියට එක් නොවූ දකුණු අප්‍රිකානු ප්‍රබල පිතිකරුවන් වන ක්වින්ටන් ඩී කොක් සහ ඩේවිඩ් මිලර් අද තරගයට එක්වීමට නියමිතයි. ලොව හොදම පන්දුවාර විස්ස පිතිකරුවන් දස දෙනා අතර සිටින රසී වැන් ඩර්සන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට අයත්. එමෙන්ම මෙවර තරගාවලිය ලොව හොදම පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නන් දෙදෙනා එකම තරගයකදී මුණ ගැසෙන තරගාවලියක්වීම විශේෂත්වයක්.

ඒ, අංක එකේ සිටින ටැබ්රිස් ෂැම්සි සහ අංක දෙකේ සිටින වනිදු හසරංග අතරයි. එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර දෙපිළම සහභාගි වන අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මෙයයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට සහ දකුණු අප්‍රිකාවට එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රධාන කණ්ඩායමකට එරෙහිව තරඟ වැද සිය කණ්ඩායමේ සංයුතිය තීරණය කිරීමට ලැබෙන අවසන් අවස්ථාවද මෙය වනු ඇති.

සජීවී විකාශය පහතින්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha