අයර්ලන්තයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල අභියෝගයක්..අද වුණු දේ මෙන්න...
sri lanka
T20
World Cup
irland
By Sewvandhi
2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වී තිබෙනවා.
ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
අද දින ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවති ලෝක කුසලාන ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරඟයේ පළමු ඉනිම ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙනු ලැබුවා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු එකසිය හැත්තෑ එකක් රැස් කර ගනු ලැබුවා. ඉනිමේ වැඩිම ලකුණු ලකුණුලාභියා වූ වනිදු හසරංග ලකුණු 71 ක් රැස් කර ගනු ලැබුවා.
මෙහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ වනිදු හසරංග හා පැතුම් නිශ්ශංක විශිෂ්ට සබඳතාවක් ගොඩ නැගුවා.
එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 61ක් ලබාගත් අතර නායක දසුන්ට රැස් කිරීමට හැකිවූයේ ලකුණු 21ක් පමණයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

