තීරණාත්මක දෙවන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Cricket
Sri Lanka Cricket
Bangladesh Cricket Team
By Sewvandhi
අද (15) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙයි.
එහි කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදීමටය.
අද තරගයේදී බොහෝදුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
දෙරට අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුළු 6ක ජයක් හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් පසු වනවා.
