ශ්‍රී ලංකා - ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අවබෝධතා ගිවිසුම නිල වශයෙන් ප්‍රසිද්ධ කෙරේ
මීට පෙර රහසිගතව තබාගැනීම නිසා දැඩි විවේචනයට ලක්වූ ශ්‍රී ලංකා-ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MOU) දැන් සම්පූර්ණයෙන්ම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
නොවැම්බර් 14 වැනිදා කොළඹ ආරක්ෂක අමාත්‍යාංශයේදී අත්සන් කෙරුණු මෙම සන්ධිස්ථානීය අවබෝධතා ගිවිසුම, එක්සත් ජනපදයේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (State Partnership Program - SPP) යටතේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය අතරත්, එක්සත් ජනපද වෙරළාරක්ෂක දිස්ත්‍රික්කය 13 සමඟත් සහයෝගීතාව වැඩිදියුණු කිරීම අරමුණු කරයි.
එක්සත් ජනපදය වෙනුවෙන් තානාපතිනි ජූලි චුන්ග් සහ බ්‍රිගේඩියර් ජෙනරාල් ට්‍රෙන්ටන් ගිබ්සන් අත්සන් කළ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයකොන්තා අත්සන් කළේය.
මහජන විවේචන හමුවේ ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය ප්‍රසිද්ධ කර ඇති අතර, එහි ප්‍රධාන අංශ මෙසේය:
- ඒකාබද්ධ පුහුණු ක්‍රියාකාරකම්
- ආපදා ප්‍රතිචාර හා සූදානම
- සමුද්‍ර ආරක්ෂාව හා සමුද්‍රීය ක්ෂේත්‍ර දැනුවත්භාවය
- සයිබර් ආරක්ෂාව
- මානුෂීය ආධාර
- වෘත්තීය හමුදා අධ්‍යාපනය
මෙම ගිවිසුම මගින් ඉන්දු - පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය, අන්තර් ක්‍රියාකාරිත්වය සහ සූදානම යන ත්‍රිත්වය ශක්තිමත් කෙරේ. එය මත්ද්‍රව්‍ය ජාවාරම්, සංක්‍රමණය සහ නීතිවිරෝධී ක්‍රියාකාරකම් මර්දනයට ද සහාය වේ.
[8WYX12Z
එක්සත් ජනපද තානාපතිනි ජූලි චුන්ග් පැවසුවේ,
“මෙය දෙරට අතර ඓතිහාසික සන්ධිස්ථානයකි. එය අන්‍යෝන්‍ය විශ්වාසය හා දිගුකාලීන සහයෝගීතාව මුල් කරගෙන සාමය හා කලාපීය ආරක්ෂාව තහවුරු කරයි.”
“මෙය ශ්‍රී ලංකාවේ ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීමේ ප්‍රගතිශීලී පියවරකි. එක්සත් ජනපදය සමඟ දිගුකාලීන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කරන බවත්, ධාරිතා වර්ධනයට නව මංපෙත් විවර කරන බවත්”
මෙම ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාව එක්සත් ජනපද රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහනට එක්වන 115කට අධික රටවල් අතරට එක් වෙයි. පළමු ඒකාබද්ධ ක්‍රියාකාරකම් 2026 මැද භාගයේදී ආරම්භ වන අතර, ආපදා ප්‍රතිචාර සහ සමුද්‍රීය ආරක්ෂාව කේන්ද්‍රගත කරයි.
මෙම පියවරෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ජාත්‍යන්තර මට්ටමින් ඉහළ නැංවෙන බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.