ගමනාගමන මණ්ඩලයේ දඩය වැඩි වෙයි.

Sri Lanka Transport Fares In Sri Lanka
By Hashini Oct 02, 2023 02:48 AM GMT
Hashini

Hashini

Report

ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පැනවෙන දඩය රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රවේශපත්‍ර නොමැතිව හසුවන පුද්ගලයින්ට රුපියල් තුන් දහසක දඩයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවනවා.

මණ්ඩලයට දෛනිකව රුපියල් ලක්ෂ 70 ක පමණ පාඩුවක් සිදු වන්නේ ප්‍රවේශපත්‍ර නොමැතිව බස් රථවල ගමන් ගන්නා පිරිස් හේතුවෙනි.

ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසුවේ මීට අදාළ නෛතික කටයුතු සිදුවෙමින් පවතින බවත් ලබන වසර තුළ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත්ය.

ප්‍රවේශපත්‍රයක් නොමැතිව ගමන් කිරීමේදී අයකරන දඩ ගාස්තුව රුපියල් 250 ක් සහ ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් වනවා.

ReeCha