ඉන්දීය සංචාරයට සුපිරි සෙට් එකක - ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

Sri Lanka Cricket Latest Headlines Sinhala news gagana news SriLanka News - Gagana
By Shehan Jun 09, 2025 01:59 AM GMT
Shehan

Shehan

Report

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇත.

මෙම සංචාරය යටතේ එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් පැවැත්වීමට නියමිතය. විස්සයි විස්ස තරග මාලාව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, පළමු තරගය එළඹෙන ජුලි 27 වැනිදා ආරම්භ වේ. ඉතිරි විස්සයි විස්ස තරග දෙක ජුලි 28 සහ 30 යන දිනවල පැවැත්වීමට සැලසුම් කර තිබේ.

Dusting Challenge එක නිසා 19 හැවිරිදි දැරිය මියගිය අවාසනාව

Dusting Challenge එක නිසා 19 හැවිරිදි දැරිය මියගිය අවාසනාව

එක්දින තරග මාලාව අගෝස්තු 2, 4 සහ 7 යන දිනවල කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (කෙත්තාරාම) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය:

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, චමිඳු වික්‍රමසිංහ

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

කොළඹ පදිංචිකරුවන්ට ලැබුණු පළමු අනතුරු ඇඟවීම – ජීවිත බේරෙන්න වහාම ක්‍රියා කරන්න!

ReeCha