විදුහල්පතිවරුන්ට දැඩි අනතුරු ඇඟවීමක්

Report

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාසල් තුළින් නිවාරණය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ දැනුම්වත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර ඇත.

පාසල් තුළ සිදු කරන ක්ෂේත්‍ර පරීක්ෂාවන්වලදී පාසල් පරිශ්‍රය තුළ මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගැනුණහොත්, එම පාසලේ විදුහල්පතිවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද හැකි බව මෙම උපදෙස් පත්‍රිකාවේ සඳහන් වේ.

ලියාපදිංචි නැති ජංගම දුරකථන ඉදිරියේදී තහනමට

ලියාපදිංචි නැති ජංගම දුරකථන ඉදිරියේදී තහනමට

පාසල් පරිසරය මදුරුවන්ගෙන් තොර, ආරක්ෂිත තත්ත්වයක පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 සහ 30/2017 චක්‍රලේඛ උපදෙස්වලට අමතරව ගත යුතු පියවර ඇතුළත් කරමින් මෙම නව උපදෙස් පත්‍රිකාව නිකුත් කර ඇත.

ඒ අනුව, සියලුම පාසල් පරිශ්‍රයන් මදුරුවන් බෝ නොවන ලෙස පවත්වාගෙන යාමට, අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයෙන් සුදුසු අභ්‍යන්තර වැඩපිළිවෙළක් සකස් කර ක්‍රියාත්මක කිරීමට මෙම උපදෙස් පත්‍රිකාව යෝජනා කරයි.

ප්‍රචාරය කියලා ආතල් එකක් – කෝටි 3ක් පිටින් ගිය හරීන්ගේ 'ස්මාට්' වැඩේ

ප්‍රචාරය කියලා ආතල් එකක් – කෝටි 3ක් පිටින් ගිය හරීන්ගේ 'ස්මාට්' වැඩේ

මෙම උපදෙස් සම්බන්ධයෙන් සියලුම රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු, පිරිවෙන් පරිවේනාධිපතිවරු, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරු සහ පළාත්වල අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාලවල ප්‍රධානීන් දැනුවත් කර ඇත.

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

සජබෙ මන්ත්‍රීවරුන්ට තැපෑලෙන් එන නියෝග...විරුද්ධ අයට විනය පරීක්ෂණ

මෙම උපදෙස්වලට අනුකූලව කටයුතු කිරීම මඟින් පාසල්වල සිසුන්ගේ සහ කාර්යමණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමත්, ඩෙංගු හා චිකුන්ගුන්යා වැනි රෝග පැතිරීම වැළැක්වීමත් අපේක්ෂා කෙරේ.

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?

රට හදන්න ඇඩෙන්නම විදුලි බිල වැඩිවෙයි?