දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා පන්දුවාර 20 තරග ආරම්භ වෙන වේලාව වෙනස් වෙයි
T20
SRI LANKA
sDUN SHANAKA
SOUTH AFRICA
By Sewvandhi
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරග ආරම්භ වන වේලාවන්හි සංශෝධනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර තිබුණේ දෙරට අතර පන්දුවාර 20 තරග රාත්‍රී 8 ට ආරම්භ වන බවටයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී විදුලි ආලෝක මධ්‍යයේ පැවැත්වෙන මෙම තරග රාත්‍රී 7ට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
තරගයේ කාසිය වාසිය උරගා බැලීම සවස 06.30ට සිදුකෙරෙන අතර මෙම තරග පැවැත්වෙන්නේ ද කෝවිඩ් 19 නීතිරීති අනුව සම්පූර්ණ ප්‍රේක්ෂක සහභාගිත්වයෙන් තොරවයි.
----------------------------------------------
නායක දසුන්ගේ බර්ත්ඩේ එකට කණ්ඩායමේ අය දුන්න සප්‍රයිස් එක-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
