20 යි 20 අද තරඟයේ වෙනස්කම් රැසක්..ශ්‍රී ලංකාවට තීරණාත්මක අභියෝගයක්.

South Africa Cricket Sri Lanka Dinesh chandimal Banuka Rajapakshe
By Aruna Sep 12, 2021 03:03 AM GMT
Aruna

Aruna

Report

සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පන්දුවාර 20 යි 20 දෙවන තරඟය අද පස්වරුවේ පැවැත්විමට නියමිතයි.

පස්වරු 7ට ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදි තරඟය ආරම්භ වන අතර දෙරට අතර පසුගිය සිකුරාදා පැවැති පළමු තරඟයෙන් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය හිමි කර ගත්තා.

අද තරඟය සඳහාද කුසල් ජනිත් පෙරේරා සහභාගි වන්නේද යන්න අවිනිශ්චිත වන අතර, ඔහු සහභාගි නොවුනහොත් භාණුක රාජපක්ෂට තවත් අවස්ථාවක් හිමිවනු ඇති.

එමෙන්ම, පසුගිය තරඟයේ එකම ලකුණු ලාභීයා වූ දිනේෂ් චන්දිමාල් අංක 03 ස්ථානය සඳහා පිටියට පිවිසෙනු ඇතැයි අපේක්ෂිතයි.

මහීෂ් තීක්ෂණ විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතයට ඇතුළත් වීම සහතික වී ඇති නිසා අද තරඟය සඳහා ඔහු වෙනුවට ප්‍රවීන් ජයවික්‍රම මෙන්ම අකිල ධනංජය යොදා ගනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ක්වින්ටන් ඩී කොක් සහ ඩේවිඩ් මිලර්ගේ ආගමනයෙන් ශක්තිමත් වූ දකුණු අප්‍රිකානු පිල මෙම තීරණාත්මක තරඟයේදී ද ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරනු ඇති.

ප්‍රහාරාත්මක පිතිකරුවන් ක්‍රියාත්මක වීම මෙම තරඟය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය වනු ඇති.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මෙතෙක් පවත්වා ඇති විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟවලින් ශ්‍රී ලංකාව තරඟ 06ක් පමණක් ජයගෙන ඇති අතර, 18 කින් පරාජයට පත්වී තිබෙනවා.

එමෙන්ම, මෙවර දකුණු අප්‍රිකානු සංචාරයේදී ලකුණු හඹාගොස් කණ්ඩායමක් කිසිදු ජයග්‍රහණයක් වාර්තා කර නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha