පාසල් 2 දක්වා නීතිය රජයෙන් හකුලා ගනීද?
නව අධයාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල් පැවැත්වෙන කාලසීමාව පස්වරු 2:00 දක්වා දීර්ඝ කිරීමට නියමිත අතර 5 වන ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා කාල පරිච්ඡේද 7 ක් යටතේ පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පාසල් පැවැත්වීමට තීරණය කර ඇත.
නමුත් පාසල් කාලය පස්වරු 2:00 දක්වා දීර්ඝ නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයට කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ලේකම් ධුරය දරන ලංකා ගුරු සේවා සංගමය විසින් යෝජනා කර ඇත.
අදාල යෝජනාව ඊයේ දින අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු නිලධාරින් හා එම සංගමය අතර පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යාල්වෙල පඤ්ඤාසේකර හිමියන් ද අදහස් පළ කර ඇත.
ඒ අනුව උන්වහන්සේ පැවසුවේ රජයේ ගුරු වෘත්තිය සමිතියේ ද යෝජනා සැලකිල්ලට ගෙන බලධාරීන් පාසැල් කාලය දිගු කිරීමේ යෝජනාව හකුලා ගතයුතු බවයි.