ගෝඨාභය ගෙන් අනතුරු ඇඟවීමක්...අතිශයින් බරපතල තත්ත්වයක්.
කෝවිඩ් ඩෙල්ටා වෛරසය වැළඳුනහොත් කිසිදු පූර්ව ලක්ෂණයක් නො පෙන්වා ම හෘදයාබාධ ඇති වීමේ දැඩි අවදානමක් ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසනවා.
වෛද්‍යවරයා කියා සිටින්නේ මෙය අතිශයින් බරපතල තත්ත්වයක් බවයි.
පසුගිය සති කිහිපය තුළ දී එලෙස හඳුනාගත් රෝගීන් විස්සකට වැඩි සංඛ්‍යාවක් සඳහා හදිසි ශල්‍යකර්ම සිදු කිරීමට සිදු වූ බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.
මේ අවදානම හේතුවෙන් යම් අයෙකුට හෘදයාබාධයක මූලික ලක්ෂණ පෙන්නුම් කළහොත් වහා ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීම වඩාත් නුවණැති ක්‍රියාවක් බවයි, විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසන්නේ.
කෙසේ වෙතත් කොවිඩ් පළමු සහ දෙවැනි රැලිවල දී එවැනි රෝගීන් දක්නට නො ලැබුණු බව කී වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසන්නේ තුන්වැනි රැල්ලේ දී මතු වූ ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.
මෙලෙස හෘදයාබාධයට ලක් වී රෝහල් ගත වන බොහෝ දෙනෙකු අඩුවයස්වල පසුවන්නන් බව කී වෛද්‍යවරයා ඔවුන් හෘදයාබාධවලට හේතුවන අධික රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියා වැනි රෝග නොමැති අය බවත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
