ශ‍්‍රී ලංකාව ගැන ඉහළ තැනකින් භයානක වාර්තාවක්..ඉදිරි දින කිහිපය අවධානම්.

Corona Sri Lanka WHO World Central province
By Aruna Aug 26, 2021 06:18 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15% අනුපාතය ඉක්මවා ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවක් අනුව ශ‍්‍රී ලංකාව තුළ සිදු කරන පරීක්‍ෂනවලින් ආසාදිතයන් හදුනා ගැනීම 15.8%ක් ලෙස දක්වා ඇත.

තව දුරටත් ශ‍්‍රී ලංකාව තුල නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ යන බවද වාර්තාවේ සදහන්ය.

මධ්‍යම පළාත හැර සෙසු සියලුම පලාත්වල නව ආසාදිතයන් ඉහළ ගොස් ඇති බව ද වාර්තාවෙන් හෙළි කර ඇත.

මේ අතර සයිනොෆාම්, ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන කොවිඩ් එන්නත් හතරේ සාර්ථකත්වය සැසඳීම සඳහා කළ පළමු අධ්‍යයනය උපුටා දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති විද්‍යා හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

සයිනොෆාම් එන්නත ලබා නොගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර වාර්තා වූ මරණ එම වයස් කාණ්ඩයේ එන්නත් ලබාගත් පුද්ගලයින්ගේ මරණ ප්‍රතිශතයට වඩා 8.1% ගුණයකින් වැඩි බව මහාචාර්ය නිලීකා මලවිගේ පවසයි.

එමෙන්ම ෆයිසර්, කොවිෂීල්ඩ් සහ ස්පුට්නික් V යන එන්නත් ලබාගත් වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයින් අතර මෙතෙක් මරණ වාර්තා වී නොමැති බව ඇය පවසයි.

වයස අවුරුදු 50ට අඩු එන්නත් නොකළ කොවිඩ් රෝගීන්ගේ මරණ ප්‍රතිශතය සිනොෆාම් එන්නත් කළ අයට වඩා 3.8 ගුණයකින් වැඩි බවත්, සයිනොෆාම් එන්නත ලබා ගත් අය අතර පී.සී.ආර් ධනාත්මක කොවිඩ් 19 රෝගීන්ගේ මරණ ප්‍රතිශතය 0.46%ක් වන අතර එය මරණ 112ක් බව මෙම අධ්‍යනයේ දී හෙලි වී තිබේ.

එමෙන්ම ෆයිසර් බයෝටෙක් එන්නත ලබගත් පුද්ගලයින් අතර වාර්තා වී ඇත්තේ මරණ තුනක් පමණක් වන අතර එය ප්‍රතිශතාත්මක අගයක් වශයෙන් 0.15%ක් බව ඇය සඳහන් කරයි.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාගත් පුද්ගලයින් අතරින් වාර්තා වී ඇත්තේ එක් මරණයක් පමණක් වන අතර එය ප්‍රතිශතයක් වශයෙන් 0.03%ක් බව මහාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery
ReeCha