මැයි දිනයට රට පුරා දේශපාලන රැලි රැල්ලක්

Report

හෙටට යෙදී තිබෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් දේශපාලන පක්ෂ දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව සිය මැයි දින රැලි සහ සැමරුම් සංවිධාන කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජනබලවේගයේ ප්‍රධාන මැයි රැලිය මහරගමදී පැවැත්වෙන අතර දිවයින පුරා මැයි දින රැලි 21 ක් ජාතික ජනබලවේගය මෙවර පැවැත්වීම විශේෂත්වයක්.

ජන රජයට ජන බලයක් යන තේමාවෙන් ජාතික ජනබලවේගය සංවිධාන කරන මැයි රැලි මාලාවේ ප්‍රධාන මැයි රැලිය මහරගම නගර මධ්‍යයේ තරුණ සේවා සභාව ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා. එම මැයි රැලිය ආරම්භ වන්නේ නුගේගොඩ දෙල්කද මංසන්ධියේදීයී.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම රැලියට සහභාගී වන අතර නුවරඑලියේ සංවිධාන කර ඇති මැයි රැලියට ද සහභාගී වීමට නියමිතයි. සමගි ජනබලවේගය සිය මැයි දින රැලිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර තිබෙනවා.

සරණ ගුණවර්ධන නඩු තීන්දුව කල් යයි

සරණ ගුණවර්ධන නඩු තීන්දුව කල් යයි

අද උදෑසන එම ස්ථානයේ නිරීක්ෂණය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂ අවසන් මොහොතේදී හෝ සංකේතාත්මක නියෝජනයක් මෙම මැයි රැලියට සිදු කරනු ඇති බවට බලාපොරොත්තු වන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

රැලිය පස්වරු 2ට ආරම්භ කිරීමට නියමිතයි. දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව යන මැයෙන් සර්වජනබලයේ මැයි දින සැමරුම තිඹිරිගස්යාය හේන්ද්‍රි පේදිරිස් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දිනය වෙනුවෙන් රැලියක් නොපවත්වන අතර ඒ වෙනුවෙන් ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම හා දිවයින පුරා ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

ඉන්දියාවට ඩොලර් බිලියන 25ක දැවැන්ත අලාභයක්

ඉන්දියාවට ඩොලර් බිලියන 25ක දැවැන්ත අලාභයක්