2025 වසරේ පොලීසියේ ස්ථාන මාරුවීම් වල හදිසි වෙනසක්. - වැඩබලන පොලිස්පතිගේ දැනුම්දීම මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Police Government Employee Government Of Sri Lanka
By Wayomi Dec 26, 2024 04:53 AM GMT
Wayomi

Wayomi

Report

2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස 6කට අත්හිටුවා තිබෙනවා.

ඊට අදාළ නියෝගය පසුගිය අඟහරුවාදා දිනයේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය විසින් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මස පළමුවැනි දිනට ක්‍රියාත්මක කිරීමට නියමිත 2025 වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කළ යුතු දිනය එම වසරේ ජුනි මස 30 වන දින දක්වා දීර්ඝ කර ඇත.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

ලංකාවේ දූපතක් ඉන්දියාවට පවරා ගැනීමට යෝජනාව සම්මත කරයි. - ශ්‍රී ලංකා රජයේ තීරණය මෙන්න.

නමුත් අත්‍යාවශ්‍ය හේතුන් මත එදිනට පෙර වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිලධාරින් සිටි නම් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විසින් සකස් කර නියෝජ්‍ය පොලිස්පති මානව සම්පත් කළමණාකරන සහ ජාත්‍යන්තර සබඳතා දිසාව වෙත යොමුකිරීමට කටයුතු කළ යුතු බව වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් රාජකාරි අවශ්‍යතා මත 2025 වාර්ෂික ස්ථානමාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීමට මෙම නියෝගය බාධාවක් නොවන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය වැඩිදුරටත් දැනුම් දී ඇත.

රාජ්‍ය සේවකයින්ට බෝනස් දීමනා චක්‍රලේඛය නිකුත් කරයි.

රාජ්‍ය සේවකයින්ට බෝනස් දීමනා චක්‍රලේඛය නිකුත් කරයි.


You May Like This Video

 

ReeCha