ඇමෙරිකාවට ඒ පාර අපි ගැනත් සැකයක්, වීසා ඕනේ නම් ෆේස්බුක් public කිරීම අනිවාර්යයි

United States of America Student Visa Social Media Sinhala news Breaking News
By Kaushi Jun 23, 2025 05:12 PM GMT
Kaushi

Kaushi

Report

එක්සත් ජනපදයෙන් F, M, සහ J යන සංක්‍රමණික නොවන වීසාවලට අයදුම් කරන සෑම පුද්ගලයෙක්ටම වහාම ක්‍රියාත්මක වන ආකාරයට ඔවුන්ගේ සියලුම සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලිකත්ව සැකසුම් public ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වේ.

ඒ අනුව මෙම පියවර ගෙන ඇත්තේ ඔවුන්ගේ අනන්‍යතාවය සහ එක්සත් ජනපද නීතිය යටතේ රටට ඇතුළු වීමට ඇති හැකියාව තහවුරු කිරීමට අවශ්‍ය පරීක්ෂාවන් පහසු කිරීමේ අරමුණෙන් බව සඳහන්.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

එක්සත් ජනපදය අවධාරණය කර ඇත්තේ සියලු වීසා තීරණයක්ම ජාතික ආරක්ෂක තීරණයක් බවයි.

ඒ අනුව 2019 වර්ෂයේ පටන්, එක්සත් ජනපදය වීසා අයදුම්කරුවන්ගෙන් සංක්‍රමණික සහ සංක්‍රමණික නොවන වීසා අයදුම් පත්‍රවල මෙම සමාජ මාධ්‍ය හඳුනාගැනීම් (social media identifiers) ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව වාර්තා වේ.

එහිදී බලධාරීන් පවසන්නේ එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පිරිස ඇතුළුව, එක්සත් ජනපදයට ඇතුළු වීමට නුසුදුසු වීසා අයදුම්කරුවන් හඳුනා ගැනීම වෙනුවෙන් වීසා පරීක්ෂා කිරීමේදී සහ තක්සේරු කිරීමේදී පවතින තොරතුරු සියල්ලක්ම භාවිතා කරන බවයි.

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

ඒ අනුව මෙම නව අවශ්‍යතාවයත් සමඟ එක්සත් ජනපදයට ඇතුළුවීමට බලාපොරොත්තුවෙන් සිටිඅ සිසුන්, හුවමාරු වැඩසටහන් සහ අනෙකුත් සංක්‍රමණික නොවන වීසා අයදුම්කරුවන් වැඩිදුර ආරක්ෂක පරීක්ෂාවන්ට ලක් කිරීමට ආපේක්ෂා කරන බව සඳහන් වේ.

කෙසේ වෙතත් මෙහීදී ඉල්ලා ඇත්තේ අඳාළ අයදුම්කරුවන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලිකත්ව සැකසුම් නිසි පරිදි වෙනස් කර ඇති බවට වග බලා ගන්නා ලෙසයි.

ෂේප් එකේ ඇඟ බේර ගන්න හදන පුටින් උදව් ඉල්ලන් එන ඉරානෙට මොනවා වෙයිද?

ෂේප් එකේ ඇඟ බේර ගන්න හදන පුටින් උදව් ඉල්ලන් එන ඉරානෙට මොනවා වෙයිද?

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන විශේෂ නිවේදනයක්

ReeCha