ධාවනය වෙමින් තිබූ ලොරියක හදිසි ගින්නක්

Sri Lanka Accident Latest Headlines Sinhala news Breaking News
By Kaushi Jun 23, 2025 05:12 PM GMT
Kaushi

Kaushi

Report

අද (23) දින සවස් කාලයේදී දෙහිවල, කරගම්පිටිය ප්‍රදේශයේ ගල්වල හන්දියේදී ගල් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා.

අඳාළ ගින්න ඇති වී ඇත්තේ ලොරි රථයේ ඇති වූ යාන්ත්‍රික දෝෂයක් නිසා බව දෙහිවල පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව තහවුරු කර ඇති බව සඳහන්.

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

400 මැරුව පළිය ගන්න ඉරානයේ දැවැන්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායලය ගිනිබත් වෙයි, අෂ්දොද් බලාගාරයත් සුන්

ඒ අනුව සිද්ධිය වාර්තා වීමත් සමඟම දෙහිවල නගර සභාවේ ගිනි නිවන රථය සිද්ධි ස්ථානයට කැඳවා ඇති බව වාර්තා වේ.

එම නිලධාරීන්ගේ ඉක්මන් මැදිහත්වීම නිසා ගින්න පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇත.

එසේම මෙහිදී පොලිසිය වැඩිදුරටත් කියා ඇත්තේ අඳාළ ලොරි රථය වරාය දෙසට ගල් ප්‍රවාහනය කරමින් සිට ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අවට සිටි ජනතාව ප්‍රකාශ කළේ ලොරි රථයේ එන්ජින් කොටසින් හදිසියේ දුම් පිටවීමත් සමඟ ගින්න ඇති වූ බවයි.

එසේම ගින්න නිසා ලොරි රථයට සැලකිය යුතු හානි සිදු වී තිබෙනවා.

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

අදහාගන්න පුළුවන්ද? 241 එක්ක මරු කටට ‍යනවා කියලා ඇය කළින්ම දැනන් ඉඳලා, මැරිලත් යාළුවා එක්ක ඉන්න ප්‍රාචී ගැන ඇහෙන ඛේදවාචකය

එසේ වුවද වාසනාවකට මෙන් කිසිදු පුද්ගලයෙක්ට තුවාල සිදු වී නැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පොලීසිය අඳාළ සිදුවීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

එමෙන්ම මෙම අනතුරෙන් මාර්ග ආරක්ෂාව සහ වාහන නඩත්තුව සම්බන්ධයෙන් රියදුරන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය දක්නට ලැබෙයි.

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි

ඉදිරියේදී ගුරු බඳවා ගන්නේ මෙහෙමයි පැරණි ක්‍රමය වෙනස් වෙයි

ReeCha