රාජ්‍ය සේවකයින්ට බෝනස් දීමනා චක්‍රලේඛය නිකුත් කරයි.

By Wayomi Dec 24, 2024 05:14 AM GMT
Report

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ දී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් එම චක්‍රලේඛය මගින් ඉදිරිපත් කර තිබෙනවා.

2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් යෝජනා කර ඇති බව සඳහන් වේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

ඒ, අනුව අදාළ ප්‍රසාද දීමනා ලබා දීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර ඇති අතර එමගින් මහභාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දී ඇත්තේ විශේෂයෙන් ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහභාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවයි.

එමෙන්ම රජය සතු ව්‍යවසායන් හී කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.

අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක් එල්ල වෙයි. - සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය නීති විරෝධීයි.

අඩු මිල අරක්කු බෝතලයට බියර් ප්‍රහාරයක් එල්ල වෙයි. - සුරා බදු ආඥා පනත අනුව බියර් නිෂ්පාදනය නීති විරෝධීයි.



You May Like This Video