මොකක්? - පොලිස් නිලධාරියෙන් පොලිස් තුවක්කුවක් හා උණ්ඩ රැගෙන ඩුබායි වලට පනී.!
ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගිනිඅවියක් සහ උණ්ඩ කිහිපයක් සමග පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය පවසන්නේ, අදාළ කොස්තාපල්වරයා විසින් ඊයේ (08) රාත්‍රි මාර්ග බාදක රාජකාරි සඳහා පිටත්ව යාමේදී මෙම ගිනි අවිය සහ උණ්ඩ 30ක් රැගෙන පිටත්ව ගොස් ඇති බවයි.
කෙසේ වෙතත් අදාල නිලධාරියා මාර්ග බාදක රාජකාරීයට වාර්තා නොකිරීම හේතුවෙන් ඔහු පිළිබඳව සොයා බැලීමේදි ඔහුගේ ජංගම දුරකතනයට ද ප්‍රතිචාර දක්වා නොමැති අතර පසුව සිදුකළ විමර්ශනයේදී සැකකාර නිලධාරීවරයා ඊයේ රාත්‍රියේම කටුනායක ගුවන්තොටුපපොළින් ඩුබායි රටට පිටව ගොස් ඇති බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව සැකකාර පොලිස් නිලධාරියා නැවත දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසිය හරහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහු සතු ගිනිඅවිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්දව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
You may like this video
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)