තුන්වැනි ඇසෙන රථ වාහන වැරදි අල්ලන්න පොලිසියට ආපු අලුත්ම භාණ්ඩේ මෙන්න.

CID - Sri Lanka Police Sri Lanka Police
By Wayomi Jan 21, 2025 11:35 AM GMT
Wayomi

Wayomi

Report

රථ වාහන වැරදි කළමනාකරණය කිරීම සඳහා නව මෘදුකාංගයක් යොදා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව අද (21) එම මෘදුකාංගය පොලිසිය වෙත පිරිනැමීම වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් CCTV කොට්ඨාසයේදී සිදු කරනු ලැබුවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ මේ මෘදුකාංගය Prima Management Services (pvt) Ltd ආයතනයේ දායකත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය වෙත ලැබුණු බවයි.

එමගින් රථ වාහන රියදුරන්ගේ වැරදි හා අඩු පාඩු නව තාක්ෂණය ඔස්සේ කාර්යක්ෂමව හඳුනා ගැනීමට හැකියාව ලැබෙන අතර පොලිස් CCTV කොට්ඨාසය හරහා වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනවා.

රථ වාහන රියදුරන් සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම CCTV කොට්ඨාසය මඟින් දැනටමත් සිදු කරනු ලබයි.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

බදු වෙනස් වෙයි. - අලුතෙන් එන වාහන සහ පරණ වාහන වල මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි . - ඇමති විජිත.

ඉදිරි දින වලදී කොළඹට අවදානම් තත්වයක්. - වෙලා තියෙන දේ මෙන්න.

ඉදිරි දින වලදී කොළඹට අවදානම් තත්වයක්. - වෙලා තියෙන දේ මෙන්න.


You may like this video


 

ReeCha