මහාමාර්ගවල සිගමන් යදිමින් සිටි දරුවන් පොලිස් භාරයට

Sri Lanka Police Colombo Sinhala news SriLanka News - Gagana
By Hashini Jun 21, 2025 10:27 AM GMT
Hashini

Hashini

Report

මහා මාර්ගවල සිඟමන් යදිමින් සිටි සහ අනාරක්ෂිත ලෙස භාණ්ඩ අලෙවිකළ බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

පසුගියදා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය, ළමා හා කාන්තා කාර්යංශ මූලස්ථානය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන බාල වයස්කාර දරුවන් භාරයට ගෙන නිසි භාරකාරත්වයකට පත්කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබුණා.

මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළට

මාළු මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළට

මෙම මෙහෙයුම දියත් කර ඇත්තේ කොළඹ උතුර, කොළඹ දකුණ, කොළඹ මධ්‍යම, නුගේගොඩ, ගම්පහ, පානදුර, කැලණිය, මීගමුව, ගල්කිස්ස, කළුතර, තංගල්ල අනුරාධපුර, මහනුවර, කුරුණෑගල, හලාවත, රත්නපුර, ගාල්ල හා මාතර යන පොලිස් කොට්ඨාසවල ජනාකීර්ණ ප්‍රදේශවල හා මහජනතාව ගැවසෙන වෙළෙඳසැල් සාප්පු සංකීර්ණ, සංඥා පහන් ස්ථාපිත කර ඇති ස්ථාන ආවරණය වන පරිදියි.

පොලීසිය සඳහන් කළේ සිඟමන් යදිමින් සහ භාණ්ඩ අලෙවි කරමින් අනාරක්ෂිත ලෙස ගැවෙසෙන ලද බාල වයස්කාර දරුවන් 21 දෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් සුදුසු භාරකාරත්වයට පත්කිරීමට කටයුතු කර ඇති බවය. 

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න

ඉරානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක් ! මේ අංකවලට කතාකරන්න

ReeCha