IPL කණ්ඩායම් දෙකක් වාර්තා ගත මිලකට අලෙවි වෙයි

Report

2026 IPL තරගාවලියේ ආරම්භයට තවත් දින තුනක කාලයක් ඉතිරිව තිබියදී කණ්ඩායම් දෙකක හිමිකාරීත්වය වාර්තා ගත මුදලකට අලෙවි කර දමා තිබෙනවා. පසුගිය වර IPL ශූරයින් ලෙස අභිෂේක ලද රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම මෙලෙසින් විකුණා දමන ලද එක් කණ්ඩායමක් වීමත් කැපී පෙනෙනවා.

2025 IPL ශූරතාව දිනාගැනීමෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම් හිමිකාරීත්වය විසින් සංවිධාන කරන ලද ජය සැමරුම අතරවාරයේදී ඇති වූ තෙරපීමෙන් ක්‍රීඩාලෝලීන් 11 දෙනෙකුට දිවි අහිමිවීමත් සමඟ බැංගලූරු හිමිකරුවන්ට දරුණු චෝදනා එල්ල වුණා.

වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහතට

වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහතට

එල්ල වූ චෝදනා හමුවේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හිමිකාරීත්වය අලෙවි කර දැමීමට තීරණය කෙරුණු අතර, ඒ අනුව එම කණ්ඩායම අමෙරිකානු ඩොලර් බිලියන 1.78ක දැවැන්ත මුදලකට අලෙ වී තිබෙනවා.

මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 559කට ආසන්න වන අතර, රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නව හිමිකරුවන් වන්නේ ආදිත්‍ය බිර්ලා ව්‍යාපාර සමුහය,The Times of India , බෝල්ට් වෙන්චර්ස් සහ බ්ලැක්ස්ටෝන් යන ආයතනයි.

ආදිත්‍ය බිර්ලා ව්‍යාපාර සමූහයේ හිමිකරුගේ පුත්‍රයා වන ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ 2018 වසරේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මුදලකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියෝජනය කළ ආර්යමන් බිර්ලා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ නව සභාපති ලෙස කටයුතු කිරීමත් කැපී පෙනෙනවා.

මේ අතර, වර්තමානයේ කුමාර් සංගක්කාර ක්‍රිකට් අධ්‍යක්ෂ සහ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ද අලෙවි කර තිබෙනවා. 2008 වසරේ කුළුඳුල් IPL තරගාවලියේ ශූරතාව දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අමෙරිකානු ඩොලර් බිලියන 1.63ක මුදලකට මිලදී ගත්තේ අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන කල් සෝමනීයි.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මෙලෙසින් විකුණා දැමීම හරහා 2008 වසරේදී ශූරතාව දිනාගත් රාජස්ථාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ නායකයා ලෙස කටයුතු කළ දිවිගමනට සමුදුන් ඔස්ට්‍රේලියානු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ පවුලේ සමාජිකයින්ට ඉන්දීය රුපියල් කෝටි 450ක මුදලක් හිමිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඒ IPL තරගාවලිය සමග ගිවිසුම් ගතවීමට පෙර රාජස්ථාන් කණ්ඩායමේ හිමිකාරීත්වය සියයට 0.75ක් ෂේන් වෝන්ට හිමිව තිබීම සහ එය පළමු IPL ශූරතාව දිනාගැනීමෙන් පසු සියයට 3 දක්වා ඉහළ දැමීම හේතුවෙන්.

සුරේෂ් සලේ හදිසියේම රෝහල් ගත කෙරේ

සුරේෂ් සලේ හදිසියේම රෝහල් ගත කෙරේ