අල්ලස්ගත් රථ වාහන අංශයේ දෙන්නෙක් ගෙදර යවයි
අනුරාධපුර, කැකිරාව පොලිසියේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ සේවය, වෑන් රථ රියදුරකුගෙන් රුපියල් 500ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
රුපියල් 500ක් වැනි සුළු මුදලක් වුවද, පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානි වන අයුරින් සහ විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් දෙදෙනාට එරෙහිව දැඩි විනය පියවර ගන්නා ලෙස උසස් පොලිස් නිලධාරීන් උපදෙස් දී ඇත.