පොලිස් නිළධාරියෙකුට පහරදීමක්.

Sri Lanka Police Sri Lanka
By krishani Feb 07, 2023 06:26 AM GMT
krishani

krishani

Report

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් නිලධාරියෙකුට කටාන ප්‍රදේශයේ ඊයේ (06) සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර දී ප්‍රහාරයක් එල්ල වී ඇත.

වැටලීමට ගිය අවස්ථාවේ දී එහි සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරියාට පහර දී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ එම නිලධාරියා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 6ක් සහ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha