පොලිස් අධිකාරිවරු පස්දෙනෙක් සම්බන්ධයෙන් ගත් තීරණය.

By krishani Feb 04, 2023 05:17 AM GMT
Report

පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය ලේකම්වරයා සහ මැතිවරණ කොමිසන් සභාවේ අනුමැතිය පරිදි පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් ලබා දී ඇත්තේ.

ඒ අනුව පොලිස් අධිකාරී ජේ. චන්ද්‍රකුමාර, විශ්‍රාමික ජනාධිපති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස ද පොලිස් අධිකාරී ආර්. නූර්දින් පොලිස් විශේෂ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇත.

පොලිස් අධිකාරී එම්. රිෆාට්, ප්‍රවාහන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති අතර පොලිස් අධිකාරී බී මනතුංග ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස පත් කර ඇත.

එමෙන්ම පොලිස් අධිකාරී එස්. ද සිල්වා ජයසේකර අගමැති ආරක්ෂක කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත්කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join