හිරගෙවල් පිරී ඉතිරී යාම නවත්වන්න අලුත් නීති එයි - රැඳවියන්ටත් එළියට එන්න ක්‍රමයක්

Report

බන්ධනාගාරවල පවතින අධික තදබදය අවම කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීම ඇතුළු නව ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර තිබෙනවා.

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කර තිබුණා.

බන්ධනාගාර පද්ධතියේ පවතින ගැටලු විසඳීම සඳහා මීට පෙර පැවති සාකච්ඡාවල තවත් පියවරක් ලෙස මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

එක්කෝ ගෑස් නැත්තම් හිස් සිලින්ඩරයට මුදල්.. රතු එළි මැද මුළු රටම බලන් ඉන්න ලාෆ්ස් ගෑස් සමාගමේ මිල තීරණය අද

එක්කෝ ගෑස් නැත්තම් හිස් සිලින්ඩරයට මුදල්.. රතු එළි මැද මුළු රටම බලන් ඉන්න ලාෆ්ස් ගෑස් සමාගමේ මිල තීරණය අද

එහිදී බන්ධනාගාර තදබදය අවම කිරීම වෙනුවෙන් බන්ධනාගාර ආඥාපනතට යෝජිත සංශෝධන, විවෘත බන්ධනාගාර සහ වැඩ කඳවුරු ක්‍රමවේද හඳුන්වාදීම, කොන්දේසි මත රැඳවියන් මුදාහැරීම සහ යහපත් හැසිරීමක් පෙන්නුම් කරන රැඳවියන් රැකියා හා සේවා නියුක්ති වැඩසටහන් සඳහා යොමු කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් බන්ධනාගාරගත කිරීම වෙනුවට පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන්.

මේ අතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති වාර්තා ප්‍රමාණය අවම කර ගැනීම සඳහා එහි කාර්ය මණ්ඩලය, ප්‍රවාහන පහසුකම් සහ අතිකාල සේවා වැඩිදියුණු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද සාකච්ඡා කර තිබෙනවා.

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි

කව්රුත් නොදෙන මහින්දගේ බත් පිඟානෙයි යුද ජයග්‍රහණයයි අතර තියෙන සම්බන්ධය නීතිඥ  සංජීව වීරවික්‍රම කියයි

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය සංශෝධන කඩිනමින් ඉදිරියට ගෙන යාමටද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර ගනිමින් යෝජිත ක්‍රියාමාර්ග සමාලෝචනය කිරීමට අවශ්‍ය පියවර පිළිබඳවද කාරක සභාව වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

ආයේ ජනවාරි වෙනකල් බිත්තර කනවා බොරු - බිත්තර මිල යළි ඉහළට - නවතම මිල මෙන්න

ආයේ ජනවාරි වෙනකල් බිත්තර කනවා බොරු - බිත්තර මිල යළි ඉහළට - නවතම මිල මෙන්න