අයවැයෙන් තමන්ව නොසලකා හැර ඇති බව රාජ්‍ය අංශයක් කියයි - දීමනා , යතුරුපැදි ලබා දීම් වැනි කිසිඳු සැලකීමක් අයවැයෙන් කර නැහැ
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ 2027 අයවැය යෝජනාවලිය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය නොසලකා හැර ඇති බවයි.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට කිසිදු පියවරක් නොගැනීම කණගාටුවට කරුණක් වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ මෙරට දිවයින පුරා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ පළාත්පාලන දෙපාර්තමේන්තුවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,400ක් පමණ සේවය කරන බවත් මෙම නිලධාරීන් දිවයින පුරා රාජකාරි කටයුතු කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත්ය.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබුණු බවද එම සංගමය පෙන්වා දී ඇත.
රාජ්‍ය සේවයට පුද්ගලයින් 40000ක් අලුතින් බඳවාගැනීම් - පාසල් සඳහා 'ස්මාර්ට් බෝඩ්' හා අන්තර්ජාල පහසුකම්
ඔවුන් පවසන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ග්‍රාම නිලධාරී එක් වසමකට පමණක් සීමාවන අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාල දීමනාව මෙවර අයවැයෙන් වැඩි කර ඇති පසුබිමක ග්‍රාම නිලධාරී වසම් 10-20 අතර ප්‍රමාණයක විශාල ක්ෂේත්රයකට වගකියන සහ ක්ෂේත්රගත කාර්යාලයක් නඩත්තු කළ යුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යාල දීමනාව පිළිබඳව මෙවර අයවැයෙන් නොසලකා හැර ඇති බවයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ ග්‍රාම නිලධාරී වසම් 10-20 අතර ප්‍රමාණයක විශාල ක්ෂේත්රයක දිනකට කි.මි. 100ක් පමණ ගමන් කරමින් රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම් දීමනාවද මෙවර අයවැයෙන් නොසලකා හැර ඇති බවයි.
තවද යතුරුපැදි ලැබීමට සුදුසුකම් ලබා ඇති නමුත් යතුරුපැදි නොලබන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබා දීමට වැඩපිළිවලක්ද මෙරව අයවැයෙන් යෝජනා කර නැතැයිද ඔවුන් සඳහන් කර ඇත.
ඒ අනුව අයවැය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාව රජය විසින් නොසලකා හැර ඇති බවත් සඳහන් කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පවතින ගැටලු සඳහා අයවැය තුළින්ම කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.