ඔක්තෝබර් 20 සිට 23 දක්වා වැඩ වෙන්නේ මෙහෙමයි - පාර්ලිමේන්තුවේ සියලු කටයුතු ගැන දැනුවත් කිරීමක්
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට තීරණය වී ඇත. ඒ අනුව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කර ඇත්තේ නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (16) දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර තිබෙන බවයි.
එබැවින් පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙරවරු 9.30 සිට පස්වරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇත.
එමෙන්ම පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න වෙනුවෙන් වෙන් කර ඇති අතර පෙරවරු 11.00 සිට 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්රශ්න සඳහා වෙන් කර ඇති තිබෙනවා.
ෆ්ලයිට් එකක නැගලා යනකොට මිසයිලයක් ගැහුවාම ඔක්කොම ඉවරයි.. හිටපු ජනපති මහින්දව මරන්න ගහපු මිලේච්ඡ සැලැස්ම - සියල්ල වමාරයි
මෙහිදී ඔක්තෝබර් 20 අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය ගෙනෙනු ලබන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදයක් පැවැත්වීමට තීරණය වී ඇති අතර ඔක්තෝබර් 21 බදාදා පෙරවරු 11.30 සිට ප.ව 5.00 දක්වා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවක් අනුමතිය වෙනුවෙන් විවාදයට ගැනීමට නියමිතයි.
එමෙන්ම ඔක්තෝබර් 22 බ්රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග සංශෝධන පනත් කෙටුම්පත් දෙක දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටත් තීරණය වී ඇත.
තවද ඔක්තෝබර් 23 සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත් වීමට නියමිතයි.