තවත් බිහිසුණු අනතුරක් - බස් රථයක් අධික වේගයෙන් පැමිණි කාර් රථයක ගැටෙයි
කන්දකැටියේ සිට මහියංගණය දක්වා අද (17) දින උදෑසන ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අධික වේගයෙන් පැමිණි කාර් රථයක ගැටීමෙන් කාර් රථයේ රියදුරු හා එහි සිටි කාන්තාවක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
ඒ අනුව තුවාල ලැබූ ඔවුන් ප්රතිකාර වෙනුවෙන් මහියංගණ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
එසේම අඳාළ කාර් රථය පොලිස් නිලධාරියෙකුට අයත් බවට තොරතුරු වාර්තා වේ.
කෙසේ වුවත් ලංගම බස් රථයේ කිසිවෙකුට තුවාල සිදුවී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.