මීට පස්සේ බය වෙන්න දෙයක් නෑ - අද නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ප්‍රථම වරට ජාතික විදුලි පද්ධතියට එක් වන දේ
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද (18) දින අනුරාධපුරයේදී විවෘත කිරීමට නියමිතයි.
ඒ අනුව මෙගාවොට් 10ක ධාරිතාවකින් යුත් මෙම පද්ධතිය මඟින් මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.
ඊට සමගාමීව, දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ ඉදිකර ඇති “දියපනහි” පාවෙන සූර්ය බලාගාරය ද අද දිනයේදී ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව බලධාරීන් පෙන්වා දෙයි.
එසේම මෙගාවොට් 5ක ධාරිතාවකින් යුත් මෙම පාවෙන සූර්ය බලාගාරය ඔස්සේ දිවයිනේ නිවාස 10,000කට පමණ අඛණ්ඩව බලශක්තිය සැපයීමට හැකිවනු ඇති බව වාර්තා වේ.