ඉදිරි මාස කිහිපය ගැන ලංකාවෙන් සුබ ආරංචියක්.
අද කොවිඩ් ගැන ඇහෙන සුබ ආරංචිය ආණ්ඩුව සෑම අවස්ථාවකම ජනතාව ජීවත් කරවීමේ වගකීම ප්‍රමුඛතාවය තබා ගනිමින් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටිනවා.
එන්නත්කරණය තුළින් ලෝකයේ ධනවත් රටවල් 4ටත් එහා ගිය ප්‍රමුඛ රටක් ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබීම සතුටුදායක තත්වයක් බවයි මහනුවර පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.
කෙරෝනා වසංගතය මෙරටින් තුරන් කිරීමට ඉදිරි මාස කිහිපය තුල හැකියාවක් ලැබෙනු ඇති බවට තමන් ඉතා දැඩිව විශ්වාස කරන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
මේ අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කොවිඩ් මරණ සිහි කිරීම වෙනුවෙන් ‘කොවිඩ් 19 අනුස්මරණ ස්මාරකයක්’ නිර්මාණය කර තිබේ.
මෙම ස්මාරකය ඔන්ලයින් අවකාශය තුළ නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
ඔක්තෝම්බර් 02 වෙනිදා වන විට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ 13,059ක් වාර්තා වන අතර මේ වන විටත් එලෙස මියගිය පුද්ගලයින් 761 දෙනෙකුගේ තොරතුරු මෙම ස්මාරකය තුළ ලේඛනගත කර ඇති බවයි එහි නිර්මාණකරුවන් පවසයි.
දිවයිනේ කොවිඩ් මරණ වාර්තා වූ සෑම ප්‍රදේශයකම කාන්තා සහ පිරිමි මරණ වෙන වෙනම දැක්වෙන පරිදි අරලිය මල සංකේතවත් කරමින් මෙය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
කොවිඩ් 19 අනුස්මරණ ස්මාරකයට මෙතැනින් පිවිසෙන්න…
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |