පැටවුන්ට කන්න දෙන්න මුදල් නැතිව දිවි නසාගත් පියෙක් ගැන හදවත් කම්පා කරවන ඛේදනීය කතාවක් ලංකාවෙන් ! ගෙදර බඩු විකුණලත් කෑම අරන් ඇවිත් !

sri lanka death gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 01, 2022 04:16 AM GMT
krishani

krishani

Report

ආර්ථික දුෂ්කරතාවයන් පවතින බවට පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට වාර්තා වනවා.

වැලිපැන්න - හොලින්බෝන් ජනපදයේ පදිංචි 37 හැවිරිදි සිව් දරු පියෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එහිදී ඔහුගේ මෘත ශරීරය නිවසට ආසන්නයේ රබර් වත්තක තිබී සොයාගෙන ඇත්තේ බිරිඳ විසින් සිය සැමියා අතුරුදන් වී බවට පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම, දින 3කට ආසන්න කාලයක සිට නිවසෙහි දරුවන්ට ආහාරයට ගැනීමට යමක් නො තිබූ බව මරණ පරීක්ෂණයේ දී බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් ආහාර සොයා ගැනීම සඳහා කුලී වැඩක් කොට මුදල් සොයා ගන්නා බවට පවසමින් සිය සැමියා නිවසින් පිටත් ව ගිය බවයි බිරිඳ මරණ පරීක්ෂණයේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව තමන් නිවසෙහි තිබූ භාණ්ඩ කිහිපයක් විකුණා දරුවන්ට කෑමට ආහාර ගෙනත් දුන් බවත් සැමියා සිය දිවි හානි කර ගන්නට ඇත්තේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට නො හැකි වීම නිසා බවත් බිරිද ප්‍රකාශ කර තිබෙනවා.

විඩියෝ දර්ශන - Hiru news


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now