“..බිත්තියේ කඩදාසියක ඔතලා..ස්මාර්ට් ෆෝන් එකකින් ඕනම තැනක ඉඳන් බලන්න පුළුවන්...” - ගම්පහ ටියුෂන් පන්තියේ,කාන්තා වැසිකිළියේ කැමරා සවි කරපු කෙනා මෙන්න ! ඇඟ කිළිපොලා යන තොරතුරු රැසක් එළියට (VIDEO)
ගම්පහ නගරයේ ප්‍රසිද්ධ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක කාන්තා වැසිකිළියේ තිබී හමුවු කැමරාව වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට භාරදීමට නියමිත බව පරීක්ෂණ මෙහෙයවන නිලධාරියෙකු ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 20 ක් පමණ ලබා ගෙන ඇති අතර ඊට එම ආයතනයේ හිමිකරු, ගුරුවරු, සිසුන් සහ සිසුන්ගේ මව්පියන් ද ඇතුළත් බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.
උසස් පෙළ සිසුන් සඳහා උපකාරක පන්ති පවත්වන, ගම්පහ නගරයේ පිහිටි ආයතනයක කාන්තා වැසිකිලියේ සවිකර තිබියදී නවීන තාක්ෂණයෙන් යුත් කැමරාවක් හමුවුයේ සිසුවියකගේ මව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුවයි.
ඒ අනුව පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළ අතර එහිදී හෙලිව ඇත්තේ කාන්තා වැසිකිලියේ සවිකර තිබූ කැමරාව ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ පරිගණකයකින් මෙහෙයවිය හැකි අධි තාක්ෂණයෙන් සමන්විත කැමරාවක් බවයි.
මෙතෙක් සිදුකළ විමර්ශනවලදී මෙම කැමරාවෙන් දර්ශන රූගත කර ඇති බවට සාක්ෂි සොයාගැනීමට නොහැකි වි ඇති අතර කාන්තා වැසිකිළියේ කැමරාව තැබූ සැකකරු හඳුනාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් පරීක්ෂණවලට බාධාවක් සිදු වන සැකකරුගේ අනන්‍යතාව හෙළි කළ නොහැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ වනවිට විමර්ශන අවසන් වන තුරු අදාළ උපකාරක පන්තිය ද වසා දමා තිබෙනවා.
විඩීයෝ දර්ශන ලබා ගැනීම - හිරු news
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |