උඩු ගුවනේදී වලියට ආ ගුවන් මගියාට ලැබුණු කෝප්ප ප්‍රහාරය !

World world news gagana news Sri lanka sinhala news Today trending news
By krishani Feb 15, 2022 10:03 AM GMT
krishani

krishani

Report

ලොස්ඇන්ජලීස් නුවර සිට වොෂින්ටන් දක්වා පියාසර කළ ඇමෙරිකා ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් ගත් මගියකු කලහකාරී ලෙස හැසිරෙමින් ගුවන් යානයේ පිටවන දොරටුව උඩු ගුවනේදී විවෘත කිරීමට කිරීමට උත්සහ කළ අවස්ථාවේ ගුවන් සේවාකාවක එය වළැක් වූ බව වාර්තා වෙයි.

ගුවන් මගියාගේ එම ක්‍රියාව වැළැක්වීම සහා ගුවන් සේවිකාවක් කෝපි බඳුනකින් එම පුද්ගලයාට දෙවරක්ම පහරදි ඇත.

සැකකරු කලහකාරී ලෙස හැසිරීමට පෙර ගුවන් සේවිකාවන් වෙත පැමිණ ගුවන් යානයේ සිටින මගීන් තමන්ට අනතුරක් සිදු කිරීමට උත්සහ දරන බව පවසා ඇත.

එක් මගියෙක් අත තියුණු ආයුධයක් තිබෙන බවද පවසා ඇත.ඉන් අනතුරුව ඔහු ගුවන් යානයේ තිබූ ෂැම්පේන් බෝතලයක් ගෙන එය ආයුධයක් ලෙස පාවිච්චි කිරීමට කවුන්ටරයේ ගසා කැඞීමට උත්සහ දරා ඇත.

ගුවන් සේවිකාවන් එය වළක්වා ඇති අතර එහිදී ගුවන් යානය පියාසර නොකරන බව පවසා පිටවන දොරටුව විවෘත කිරීමට කිරීමට උත්සහ දරා ඇත.

එහිදී ගුවන් සේවිකාවක් අත තිබූ කෝපි බඳුනකින් දෙවරක් පහර දී ඇති අතර ගුවන් යානයේ සිටි පොලිස් නිලධාරියෙක් සහ මගීන් සමග එකතු වී ගුවන් සේවිකාවන් මෙම සැකකරු බැඳ දමා ඇත.

මෙම සිද්ධිය හේතුවෙන් වොෂින්ටන් නගරය බලා පියාසර කල ගුවන් යානය මිසූරි හි පිහිටි කන්සාස් නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලට ගොඩ බස්වා ඇති අතර පොලිස් නිලධාරීන් සහ එෆ්.බී.අයි නිලධාරීන් පැමිණ එම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඇති අතර සෙසු මගීන් වෙනත් යානයකින් ගමනාන්තය දක්වා පිටත් කර හැර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now