මුහුණට මුහුණ ගැටී මහමග සිදුවුන බිහිසුණු අනතුර !
දඹුල්ල - හබරණ ප්‍රධාන මාර්ගයේ දී අද (12) පෙරවරුවේ රිය අනතුරක් සිදුව තිදෙනකු තුවාල ලබා තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ හබරණ - හිරිවඩුන්න ප්‍රදේශයේ දී යි.
ටිපර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අදාළ අනතුර සිදුව ඇති අතර, එම අනතුරෙන් යුද හමුදා සෙබලෙකු තුවාල ලබා තිබෙනවා.
දඹුල්ල දෙසින් හබරණ දෙසට එක් ටිපර් රථයක් ධාවනය වෙමින් තිබියදී, අනෙක් ටිපර් රථය හබරණ සිට දඹුල්ල දෙසටයි ධාවනය වී ඇත්තේ.
අනතුරෙන් ටිපර් රථ දෙකටම දැඩි හානි සිදු වුණා. කෙසේවෙතත් අනතුරින් තුවාල ලැබූ ටිපර් රථ රියදුරන් දෙදෙනා සහ ඉන් එක් ටිපර් රථයක නිවාඩු අවසන් කර යළි කඳවුර බලා යන යුද හමුදා සෙබලෙකු ද සිට ඇති අතර , ඔවුන් සියලු දෙනා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කෙරුණා.
මෙම අනතුරෙන් හබරණ - දඹුල්ල මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වූ අතර, දඹුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |