රටටම අවාසනාවන්ත තත්ත්වයක් - ලංකාවේ ආර්ථික කඩා වැටිම හමුවේ ලංකාවට ලැබුන අලුත්ම තැන ගැන ජාත්‍යන්තර ආයතනයකින් ප්‍රකාශයක්..

Sri lanka down Today trending news moody's Credit rating
By krishani Apr 19, 2022 02:35 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දී ඇති අර්බුදය පිළිඹිබු කරමින් තවත් ගෝලීය ශ්‍රේණිගත කිරිමේ ආයතනයක් ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් සිය ස්ථාවරය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකාව ණය ශ්‍රේණිගත කිරීමෙන් තවදුරටත් පහත හෙළීමට මූඩිස් ගෝලීය ශ්‍රේණිගත කිරීමේ ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව Caa2 ශ්‍රේණිගත කිරීම්වල සිට Ca දක්වා පහත හෙළා ඇති බව වාර්තා වේ.

ඇතැම් විදේශ ණය ආපසු ගෙවීම් අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.

මීට පෙර එස් ඇන්ඩ් පී සහ ෆිච් ශ්‍රේණිගත කිරීම් ආයතන ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ තත්ත්වය පහත දමා තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join